සූර්යයා සමීපයේ සිට සූර්යයා පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් සඳහා දියත් කෙරුණු නවතම චන්ද්‍රිකාව අභ්‍යවකාශය වෙත ගමන් අරඹා තිබේ.
ඇ. ඩොලර් බිලියන 1.5ක් වටිනා මෙහෙයුම අධි සංවේදී කැමරාවලින් සහ සංවේදකවලින් පිරී ඇති අතර එමඟින් සූර්යයාගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විශිෂ්ට නව අවබෝධයක් හෙළි කරගැනීමට හැකිවනු ඇති බව විශ්වාස කෙරෙයි.
විශේෂයෙන්ම සූර්යයාගේ ගතික හැසිරීමට හේතු වන්නේ කුමක්ද යන්න වඩා හොඳින් තේරුම් ගැනීමට මෙමගින් විද්‍යාඥයන්ට හැකිවනු ඇත.
මෙම චන්ද්‍රිකාව ඇට්ලස් රොකට්ටුවකින් දියත් කිරීම සිදුකර තිබුණේ, එක්සත් ජනපදයේ, ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් සිට එරට වේලාවෙන් රාත්‍රී 11.03ට පමණය.
සූර්යයා ඉඳහිට ටොන් බිලියන ගණනක් පදාර්ථ හා පෘථිවියේ ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑමක් එල්ල කරන චුම්භක ක්ෂේත්‍ර ඇති කරන සූර්යය කුණාටු ඇති කරයි.
මෙම කුණාටු හේතුවෙන් චන්ද්‍රිකාවල ඉලෙක්ට්‍රොනික පද්ධතීන්ට, ගුවන් විදුලි සන්නිවේදනයට බාධා කිරීම සහ විදුලිබල ජාලයන් පවා හානි කිරීම සිදුවෙයි.