(UPDATE) සෝමාලියාවේ, මොගඩිෂු අගනුවර සිදුවූ ප්‍රබල පිපිරීම කාර් බෝම්බ ප්‍රහාරයක් බවත්, සිද්ධියෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
රජයේ ගොඩනැගිල්ලක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කළද, අසල තිබූ පාසල් ගොඩනැගිල්ලක්ද ප්‍රහාරය හේතුවෙන් කඩා වැටීමෙන් පාසල් දරුවන් හය දෙනෙකු තුවාල ලබා තිබේ.
සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ප්‍රබල පිපිරීමක් සිදුව ඇති අතර, මෙය කාර් බෝම්බයක් යැයි විශ්වාස කළ හැකි බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මොගඩිෂු අගනුවර, හවුල්වාඩැග් දිස්ත්‍රික්කයේ පිපිරීම සිදුව ඇති අතර, පිපිරීමෙන් ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී දරුවන්ද ඒ තුළ සිරවෙන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
සෝමාලියාව තුළ ක්‍රියාත්මක අල්-ෂබාබ් ඉස්ලාමීය ජිහාඩි ත්රස්තයන් විසින් වරින් වර ප්‍රහාර දියත් කරන අතර, ජාත්‍යන්තරයේ සහාය ලබමින් එරට ක්‍රියාත්මක වන පාලනය අතුගා දැමීම මෙම ත්රස්තයන්ගේ අරමුණ වී තිබේ.
මේ අතර, පළාතේ පොලිස් නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ හවුල්වාඩැග් දිස්ත්‍රික් කාර්යාලය වෙත කඩා වැදුණු මරාගෙන මැරෙන කාර් බෝම්බයක් මෙම ප්‍රහාරයට හේතුව බවයි.
කෙසේ වෙතත්, සිද්ධියෙන් සිදුව ඇති ජීවිත හානි හෝ තුවාලකරුවන් පිළිබඳ මෙතෙක් නිශ්චිත තක්සේරුවක් නොමැති බවද හෙතෙම පවසා තිබේ.