ඇමෙරිකා එක්සත් ජනපදය දිගින් දිගටම සම්බාධක පණවමින් පවතින වාතාවරණයක උතුරු කොරියාවට අවිහරණයකට යෑමට අවස්ථාවක් නොමැති බවට එරට විදේශ කටයුතු අමාත්‍යවරයා චෝදනා කරයි.
රී යොන්ග්-හෝ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් මෙම අදහස් පළ කළ හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ උතුරු කොරියාව සම්බන්ධයෙන් විශ්වාසයක් නොතැබීම තුළ ඇමෙරිකාව සම්බාධක පනවන බවයි.
එක්සත් ජාතීන්ගේ සහ ඇමෙරිකාවේ සම්බාධක ඉවත්කර ගැනීම සඳහා උතුරු කොරියාව අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටි අතර, චීනය සහ රුසියාව ඊට සහාය දැක්වීය.
කෙසේ වෙතත්, ට්‍රම්ප් පාලනය පවසා සිටියේ උතුරු කොරියාව න්‍යෂ්ටිකහරණය සිදුකරන තුරු සම්බාධක පැවතිය යුතු බවයි.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සහ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජුනි මාසයේදී සිංගප්පූරුවේදී සිදුකළ ඓතිහාසික හමුවෙන් පසුව න්‍යෂ්ටිකහරණය සම්බන්ධ කතාබහ ඇතිවූ අතර, එම සාකච්ඡාවල යම් ප්‍රගතියක් පසුගිය කාලයේ දක්නට ලැබුණි.