අඟල් 3.3ක තිරයකින් යුතුව ඔබ දැන් භාවිත කරන පුළුල් තිර ස්මාට් ජංගම දුරකථනයට සහායකයෙකු ලෙස යොදාගත හැකි ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයෙන් යුතු සුපිරි ජංගම දුරකථනයක් පාම් (Palm) සන්නාමය යටතේ වෙළෙඳ පොළට පැමිණීමට නියමිතය.
ඇමෙරිකානු සන්නාමයක් ලෙස එළිදැක්වෙන පාම් හි මෙම නවතම ජංගම දුරකථනයේ සැබෑ ප්‍රමාණය බැංකු කාඩ්පතකට තරමක් විශාල වෙයි.
කෙසේ වෙතත්, උසස් මට්ටමේ සාමාන්‍ය ස්මාට් ජංගම දුරකථනයක දැකිය හැකි සියලුම විශේෂාංග පාහේ මෙම පාම් ජංගම දුරකථනය තුළ දැකිය හැකිය.
එලැඹෙන නොවැම්බර් මාසයේ සිට ඇමෙරිකානු වෙළෙඳ පොළේදී ඇ.ඩො.349 (රු.60,000කට පමණ) මෙම ජංගම දුරකථනය මිලදී ගත හැකි වනු ඇත.