දැනට භාවිත කෙරෙන තරමක් විශාල ස්මාට් ජංගම දුරකථනය සමග භාවිත කළ හැකි සහායක දුරකථනයක් ලෙස ජපානයේ විශාලතම සන්නිවේදන සමාගම වූ NTT Docomo විසින් මි.මී.5.3ක් පමණ කුඩා 4G වර්ගයේ දුරකතනයක් හඳුන්වාදී තිබේ.
බැංකු කාඩ්පත් රඳවනයක් වැනි කුඩා පසුම්බියක ඉතා පහසුවෙන් තබාගත හැකි අයුරින් නිමවා ඇති මෙම දුරකථනය නොවැම්බර් මාසයේදී ජපාන වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිතය.
මේ ආකාරයේ සහායක දුරකථන භාවිත කිරීම දැන් අලුත් ප්රවණතාවක් බවට පත්ව ඇති නිසා ලෝකයේ සමාගම් කිහිපයක්ම ඒ වෙනුවෙන් අතගසා තිබේ. මෑතකදී ඇන්ඩ්රොයිඩ් තාක්ෂණයෙන් බලගැන්වුණු 'පාම්' (Palm) සන්නාමයෙන් බලගැන්වුණු දුරකථනයද එවැනි සහායක මෙවලමකි.
ඒ අනුව, ජපානය හඳුන්වා දෙන මෙම සහායක දුරකතනය ග්රෑම් 47ක බරකින් යුතු අතර, e-book තාක්ෂණයට සමාන, ස්පර්ශයට සංවේදී මුහුණතකින්ද යුතු වේ. කෙසේ වෙතත්, මෙම සහායක දුරකතනය ඇමතුම්, කෙටි පණිවුඩ පහසුකම් සහ ඉන්ටර්නෙට් සබඳතා සහිත වන නමුත් කැමරාවක් හෝ ජංගම දුරකතන යෙදවුම් (apps) සමග කටයුතු කිරීමේ පහසුකම් නොමැත.