තලේබාන් නායකයෙකු සමග ඉතා හොඳ කතාවක් පැවැත්වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර පැය කිහිපයකට පසු ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සටන්කරුවන්ට එරෙහිව එක්සත් ජනපද හමුදාව ගුවන් ප්රහාරයක් පවත්වා තිබේ.
වසර ගණනාවක යුද්ධයෙන් පසු ඇෆ්ගනිස්ථානයට සාමය ගෙනඒම අරමුණු කරගනිමින් එක්සත් ජනපදය සෙනසුරාදා තලේබාන් සංවිධානය සමඟ ගිවිසුමක්ද අත්සන් කළේය.
හෙල්මන්ඩ් පළාතේ ඇෆ්ගනිස්ථාන හමුදාවන්ට පහර දුන් තලේබාන් සටන්කරුවන්ට ප්රතිචාර වශයෙන් බදාදා ගුවන් ප්රහාරයක් දියත් කළ බව එක්සත් ජනපද හමුදා ප්රකාශකයෙක් පැවසුවත්, මේ සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය අදහස් දක්වා නැත. එමෙන්ම, ප්රහාරයෙන් කිසියම් හානියක් සිදුවී ඇත්දැයි පැහැදිලි නොවීය.