සුපිරි සුළි කුණාටුවක් ලෙස පිලිපීනය වෙත පැමිණෙන මැන්ග්ක්හුට් සුළි කුණාටුව මේ වනවිට සිය ප්‍රබලත්වය තවදුරටත් වැඩි කරමින් සිටින බව කාලගුණ බලධාරීහු පවසති.
ඒ අනුව, මේ වනවිට පැයට කිලෝමීටර් 255 ඉක්මවන සුළං ධාරාවක් ඒ මගින් ඇති කර තිබෙන බවත්, එය මිලියන 5ක් පමණ ජනතාව වෙසෙන මාර්ගයක ගමන් කරනු ඇති බව පුරෝකථනය කෙරී ඇති බවත් කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම සුළි කුණාටුව ගොඩබිමට ඇතුළු වීමට පෙර අවසන් මෙහොතේ සියලු සූදානම් වීම් සිදුකෙරෙන බව පිලිපීන මාධ්‍ය වාර්තා කරයි.
එය පිලිපීනයේ ප්‍රධාන දූපත ලෙස සැලකෙන ලූසොන් හි උතුරු දෙසින් ගොඩබිමට පැමිණෙන අතර, එය චීනයේ කොටසකටද බලපෑම් ඇති කරනු ඇති බව කියැවෙයි.
මේ අනුව, පිලිපීනයේ වෙරළබඩ පළාත්වල පාසල් හා ආයතන සියල්ලම පාහේ නිවාඩු ලබාදී ඇති අතර, බොහෝ ගුවන් ගමන් අවලංගු කර ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙය 2018 වසරේ පිලිපීනය වෙත පැමිණෙන ප්රබලතම සුළි කුණාටුව ලෙස විශ්වාස කෙරෙන අතර, එරට පිහිටීම අනුව වසරකට සුළි කුණාටු හෝ චණ්ඩ මාර්තු 20කට පමණ මුහුණ දෙයි.