ස්පාඤ්ඥයේ කැනරි දූපත්වල ටෙනරීෆ් හි පිහිටි හෝටලයක ලැගුම්ගත ඉතාලි ජාතික වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමත් සමග අමුත්තන්ද සමග රෝහල වසා දමා තිබේ.
මේ තත්ත්වය හේතුවෙන් H10 කොස්ටා ඇඩෙජ් පැලස් හෝටලයේ ලැගුම්ගෙන සිටි සිය ගණනක් අමුත්තන්ට වෛද්‍ය පරීක්ෂණයන්ට මුහුණදීම සඳහා සිය කාමරවලම රැඳී සිටීමට උපදෙස් ලබාදී ඇත.
මෙම වෛද්‍යවරයා ඉතාලියේ නව කොරෝනා වෛරසය සුලභව පැතිර ගිය ලොම්බාර්ඩි ප්‍රදේශයෙන් පැමිණි අයෙකු බව වාර්තා වේ.
වෛරසයේ හේතුවෙන් ලොව පුරා රටවල් 37ක ආසාදිතයන් 80,000ක් මේ වනවිට පසු කර ඇති අතර, ඉන් බහුතරය චීනයයෙන් වාර්තා වෙයි.