සෞදි අරාබියේ තෙල් පිරිසැකසුම් මධ්‍යස්ථාන ඉලක්ක කරමින් පසුගිය සෙනසුරාදා එල්ල කෙරුණු ඩ්‍රෝන හා කෘස් මිසයිල දියත් කළ ස්ථාන ඉරානය බව එක්සත් ජනපදය තහවුරු කරයි.
එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරියෙකු විදෙස් වාර්තා වෙත පවසා තිබුණේ, මෙම ප්‍රහාර දියත් කෙරුණ ස්ථාන පිහිටා ඇත්තේ ගල්ෆ් කලාපයේ උතුරු කෙළවරේ දකුණු ඉරානයේ බවයි.
කෙසේ වෙතත්, සෞදි අරාබියේ මිසයිල නාශක හා ඩ්‍රෝන නාශක සියලු අවි යේමනයෙන් එල්ල විය හැකි ප්‍රහාරයක් වැළැක්වීම සඳහා යොමුකර තිබූ නිසා මෙම ප්‍රහාරය වළක්වා ගැනීමටද නොහැකි වී තිබේ.
ගෝලීය ඛනිජ තෙල් සැපයුම කඩාකප්පල් කළ ප්‍රහාරවලට තම රටේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවට ඉරානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
මේ අතර, යේමනයේ හොයුති කැරලිකරුවන් මෙම ප්‍රහාරවල වගකීම භාරගෙන තිබුණු අතර, ඔවුන් පවසා තිබුණේ තම ඩ්‍රෝන යානා විසින් මෙම ප්‍රහාරය දියත් කෙරුණු බවයි.
කෙසේ වෙතත්, පසුගිය සෙනසුරාදා එල්ල කෙරුණු මෙම ප්‍රහාර හේතුවෙන් මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා කරන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.