සෞදිය ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් යේමනය වෙත එල්ල කරන ලද ඇතැම් ප්‍රහාර යුද අපරාධ ලෙස චෝදනා කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කර ඇති වාර්තාව එම ඒකාබද්ධ සන්ධානය ප්‍රතික්ෂේප කර තිබේ.
මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරන සෞදිය ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය පෙන්වා දී ඇත්තේ එම වාර්තාවේ බොහෝ සාවද්‍ය කරුණු ඇති බවයි.
මෙම වාර්තාවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් විශේෂඥයන් විසින් ඉස්මතු කර තිබුණේ සියලු පාර්ශ්ව විසින් යුද අපරාධ සිදුකරන්නට ඇති බව විශ්වාස කළ හැකි බවයි.
එහිදී, ඒකාබද්ධ සන්ධානයේ ආධාර ලබන යේමන රජයේ හමුදාවටද ඔවුන් චෝදනා කර තිබූ අතර, හොයුතු කැරලිකරුවන්ද සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ඉතා සුළු ප්රයත්නයක් පමණක් ගන්නා බව දක්වා තිබුණි.
මෙහිදී, සෞදිය ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය පෙන්වා දෙන්නේ විවෘත හා විනිවිදභාවයෙන් යුතු මෙහෙයුමක් ඔවුන් යේමනය තුළ සිදුකරන බවයි.
එහිදී, ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල නොමග යවනසුළු තොරතුරු ඇසුරෙන් මෙවැනි සාවද්‍ය වාර්තා සැකසෙන බවද ඔවුන් අවධාරණය කර තිබේ.