සෞදියේ ඛනිජ තෙල් පිරිපහදු සමාගම් වෙත සෙනසුරාදා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ඉරානයට දෝෂාරෝපණය කර තිබේ.
සෞදි රජය සතු සමාගමක් වන අරම්කෝ විසින් පවත්වාගෙන යනු ලබන සමාගම් දෙකට පහර දුන් බවට ඔහු කළ ප්‍රකාශය යේමනයේ හොයුතු කැරලිකරුවන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
සෞදි අරාබියේ බලශක්ති ඇමතිවරයා කියා සිටියේ මෙම පහරදීම් නිසා දිනකට බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 5.7කින් අඩුවන බවයි.
වාර්තාකරුවන් පවසන්නේ ලෝක තෙල් මිල කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවය.
ඇරම්කෝ හි විශාලතම තෙල් පිරිපහදු කම්හල පිහිටි ස්ථානය වන අබ්කායික්හි රූපවාහිනී දර්ශනවලින්, විශාල ගින්නක් පෙන්නුම් කළ අතර දෙවැනි ඩ්‍රෝන ප්‍රහාරයක් කුරයිස් හි තෙල් පිරිපහදුවේ ගින්නක් ඇති කර තිබේ.
කෙසේ වෙතත්, මෙම ප්රහාරයන්ට කැරලිකරුවන් වගකිව යුතු නම්, ඔවුන්ගේ ඩ්‍රෝන යානා යේමනයේ සිට සැතපුම් සිය ගණනක් මධ්‍යම සෞදි අරාබියට පියාසර කළ යුතුව ඇත.