සෞදි අරාබියේ අභා ගුවන් තොටුපොළ ඉලක්ක කරමින් යළිත් වරක් යේමනයේ හොයුතු කැරලිකරුවන්ගෙන් එල්ල වූ ප්‍රහාරයකින් සිරියානු වැසියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යේමනයේ ක්රියාන්විතයන්හි නිරත සෞදි අරාබිය ප්රමුඛ ආරක්ෂක බළඇණියේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඊයේ (23දා) පස්වරුවේ එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ කුමන වර්ගයේ අවි උපයෝගී කරගෙනද මෙතෙක් අනාවරණය කරගෙන නැත.
නමුත්, හොයුතු ටීවී නමැති රූපවාහිනී නාලිකාව සඳහන් කළේ කැරලිකරුවන් අභා සහ ජිසාන් යන ගුවන් තොටුපළ ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.
සති දෙකක පමණ කාලයක් තුළ අභා ගුවන් තොටුපළට ප්‍රහාර එල්ල වූ දෙවැනි ප්‍රහාරය මෙය වීමද විශේෂත්වයකි.