සෞදි රජුගේ සහෝදරයා ඇතුළු එරට රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් තිදෙනෙකු පැහැදිලි කළ නොහැකි හේතු මත අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්වූවන් දෙදෙනෙකු රාජධානියේ වඩාත්ම බලගතු පුද්ගලයන් දෙදෙනෙකු බව කියැවෙයි.
දේශපාලන විචාරකයන් මෙම අත්අඩංගුවට ගැනීම් පෙන්වා දෙන්නේ, ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය බලයේ ග්‍රහණය දැඩි කර ගැනීමක් ලෙසිනි.
2017 දී සෞදි රාජකීයයන්, ඇමතිවරුන් සහ ව්‍යාපාරිකයන් සැලකිය යුතු පිරිසක් රියාද්හි රිට්ස්-කාල්ටන් හෝටලය තුළ නිවාස අඩස්සියට ගැනුණි.
මතභේදාත්මක චරිතයක් වන මොහොමඩ් බින් සල්මාන් 2016 දී ඔහුගේ පියා විසින් ඔටුන්න හිමි කුමරු ලෙස නම් කිරීමෙන් පසු ඔහු රාජධානියේ තථ්‍ය පාලකයා ලෙස සැලකේ.