ශ්‍රේෂ්ඨාධිකරණය වෙනුවෙන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම්කළ බ්‍රෙට් කැවනෝ ස්ත්‍රී දූෂකයෙකුද සම්බන්ධයෙන් FBI පරීක්ෂණයක් පැවැත්වීමට ජනපතිවරයා විසින්ම නියෝග කර තිබේ.
ඇමෙරිකාවේ උසස්ම අධිකරණය වෙනුවෙන් ඔහුගේ පත්කිරීම සෙනට් මණ්ඩල කමිටුවක් විසින් පසුගියදා සහතික කරනු ලැබුවත්, ඊට ඩිමොක්රටික් සහා නොලැබුණි.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයකින් පසුව පමණක් අදාළ සම්පූර්ණ සහයෝගය ලබාදීම සිදුවන බැවින් එම සෙනට් මණ්ඩල කමිටුවේ සම්පූර්ණ ප්‍රතිඵලය තවත් සතියක් පමණ කල්යනු ඇත.
කෙසේ වෙතත්, පහළ අධිකරණයේ විනිසුරුවරයෙකු වූ කැවනෝ මීට වසර ගණනාවකට පෙර සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙකු විසින් නගන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර සිටියි.
මෙම පත්කිරීම හේතුවෙන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද චෝදනාවට ලක්ව ඇති අතර, ඔහු මෙය සාධාරණීකරණය කිරීමට යාමෙන් චෝදනා දෙගුණ තෙගුණ වී තිබේ.