සුඩානයේ ජනපති ඔමාර් අල්-බෂීර් ධුරයෙන් පහ කරමින් එරට නව හමුදා රජයක් පිහිටුවීමත් සමග එරට අගනුවර වන කර්ටෝම් හි ඇඳිරි නීතිය ක්රියාත්මක කිරීමෙන් ජනතාව තරමක් නොසන්සුන් වී තිබේ.
හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම සඳහා දහස් ගණන් ජනයා රැස්ව අගනුවර උද්ඝෝෂණ ආරම්භ කළේ මීට මාස කිහිපයක සිටය.
එසේ වීදිබැස සිටින ජනතාවට නව පාලනය යටතේ හදිසියේ ඇඳිරි නීතිය ක්රියාත්මක වීම නිසා ඔවුන් යළිත් නිවාසවලට නොගොස් මහපාරේම සිටින බව පවසන්නේ යැයි විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, මෙම නව හමුදා රජය පැවති රජයේම කොටසක් බවට උද්ඝෝෂකයන් චෝදනා කරන බවද සඳහන් වෙයි.
මේ තත්ත්වය තුළ හමුදාව සහ උද්ඝෝෂකයන් අතර දරුණු ගැටුම් ඇතිවිය හැකි බවත්, මිනිස් ජීවිත විනාශ වීමේ අවදානමක් පවතින බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.