සුඩානය තුළ වසර තුනක කාලයක් තාවකාලික සිවිල් පරිපාලනයක් සඳහා එරට විරුද්ධ පක්ෂ සන්ධානය සමග ඒකාබද්ධ ගිවිසුමකට පිවිසි බව හමුදා නායකයෝ පවසති.
තාවකාලික හමුදා කවුන්සිලය පවසා සිටියේ මෙම විපක්ෂ සන්ධානයට එරට ව්‍යවස්ථාපිත සභාවේ තුනෙන් දෙකක පමණ බලයක් හිමිවන බවයි.
කෙසේ වෙතත්, මෙම පාර්ශ්ව දෙකම තවම ස්වෛරී සභාවක් වෙනුවෙන් එකඟත්වයකට පැමිණ නොමැති බවද සඳහන් වෙයි.
සුඩානයේ ජනපති ඔබාර් අල්-බෂීර් බලයෙන් ඉවත්වීමත් සමග පසුගිය මාසයේ සිට එරට පාලනය හමුදාව කවුන්සියක් විසින් පවත්වාගෙන යයි.
කෙසේ වෙතත්, එරට තුළ සම්පූර්ණ සිවිල් පරිපාලනයක් වෙනුවෙන් ජනතා උද්ඝෝෂණ තවදුරටත් පැවැත්වෙන බව වාර්තා වෙයි.