සුඩානයේ වසර 30ක කාලයක් බලයේ සිටි ජනපති ඔමාර් අල්-බෂීර් බලයෙන් පහකර අත්අඩංගුවට ගත් බව එරට ආරක්ෂක අමාත්‍යවරයා පවසා සිටියි.
එරට තුළ ක්‍රියාත්මක වූ හමුදා කුමන්ත්‍රණය ජයග්‍රහණය කරමින් මේ ආකාරයෙන් වත්මන් පාලකයා බලයෙන් ඉවත්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, සුඩාන රජයේ රූපවාහිනිය අමතමින් ආරක්ෂක අමාත්‍ය අවාඩ් ඉබ්න් ඔවුෆ් පවසා සිටියේ අන්තර්වාර හමුදා රජයක් විසින් වසර දෙකක් සුඩානය පාලනය කළ පසුව මැතිවරණයකට යන බවයි.
එමෙන්ම, මාස තුනක කාලයක් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවද ඔහු කියා සිටියේය.
මාස කිහිපයක් පුරා වත්මන් පාලකයාට එරෙහි උද්ඝෝෂණ රට තුළ ක්‍රියාත්මක වූ අතර, ඔහු වර්ෂ 1989 සිට සුඩානය පාලනය කළේ ඒකාධිපති නායකයෙකු ලෙසිනි.