සාගරයක් මතින් ඉදිවූ ලොව දිගම පාලම ඇ.ඩො.බිලියන 20ක වියදමින් වසර 9ක කාලයක් තුළ සම්පූර්ණයෙන් වැඩ අවසන් වී හෙට (23දා) නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය.
හොංකොං සිට චීනයේ මැකාව් හි, සුහායි නගරය දක්වා ඇදෙන පාලම විවෘත කිරීමේ අවස්ථාවට චීන ජනපති ෂී ජින්පිං සහභාගී වනු ඇති බව විදෙස් වාර්තා පවසයි. කෙසේ වෙතත්, එය ජනතාවට විවෘත වීම අනිද්දා දිනයේ සිදුවනු ඇත.
කිලෝ මීටර් 55ක දිගකින් යුතු පාලම 2016 වසරේදී විවෘත කිරීමට නියමිතව තිබුණත්, ඇති වූ විවිධ දුෂ්කරතා හමුවේ එය මේ දක්වා කල්ගොස් තිබුණි.
මෙම නව පාලම සමග අදාළ නගර ද්විත්වය අතර ගමනා ගමන් කිරීමට මීට පෙර ගතවූ කාලය පැය තුනහ මාරකින් පමණ අඩුවී, පැය භාගයක් වැනි කෙටි කාලයකින් එම ගමන නිමා කිරීමට හැකිවනු ඇති බව කියැවෙයි.
එමෙන්ම, මෙම පාලම සඳහා කෘත්‍රිම දූපතක සිට සාගර අභ්‍යන්තරයෙන් ඇදෙන උමඟක්ද ඇති බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, විශේෂ බලපත්‍රයක් නොමැති හොංකොං හි පෞද්ගලික මෝටර් රථ හිමියන්ට මෙම පාලම තරණය කිරීමට අවස්ථාව හිමි නොවන අතර, ඔවුන්ට හොංකොං වරාය සමීපයේ සිය මෝටර් රථ ගාල්කර ඒ හරහා ගමන් කරන බස් රථයකින් හෝ විශේෂ බලපත්‍රයක් සහිත කුලී රථයකින් ආගමන විගමන පාලන ඒකකය හරහා ගොස් එම පාලම තරණය කිරීමට සිදුවනු ඇත. එහිදී, මෙහි එක් ගමනාන්තයක් සඳහා ඇ.ඩො.8 - 10ත් අතර මුදලක් වැයවනු ඇති බවද කියැවෙයි.