සිංගප්පූරුවේ සිට ලන්ඩනය දක්වා පියාසර කළ මගී ගුවන් යානයක සිටි පියාපත් සහිත ගුවන් මගියෙකු හෙවත් මයිනෙකු හමුවී තිබේ.
ගමනාන්තය දක්වා පැය 14ක කාලයක් පියාසර කරන එම ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩලය, මේ අපූරු මගියා දැක ඇත්තේ ගුවන් ගමනින් පැය 12ක කාලයක් අවසන් වූ පසුවය.
සිංගප්පූරු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක ව්යාපාරික පන්තියේ සිටියදී මේ මයිනා හමුවී තිබුණේ පසුගිය ජනවාරි 07 වැනිදාය. කෙසේ වෙතත්, එම ගුවන් සමාගම එය තහවුරු කරනු ලැබුවේ ඉන් සතියක කාලයකින් පසුවය.
මගී ගුවන්යානයෙන් සිංගප්පුරුවේ සිට ලන්ඩනයට පියාසර කළ පක්ෂියා, පසුව ලන්ඩන්හි හීත්රෝ ගුවන් තොටුපොළේදී සත්ව නිරෝධායන නිලධාරීන් වෙත භාරදි තිබුණත්, එම පක්ෂියා ගුවන් යානයට පිවිස තිබුණේ කෙසේද යන්න සොයාගැනීමට නොහැකි වී ඇත.