සිංගප්පූරුවේ පසුගිය සති දෙක තුළ කොවිඩ්-19 පොකුරු බිහිවීමෙන් පසු එරට සමාජ රැස්වීම් සහ පොදු ක්‍රියාකාරකම් සඳහා වන සීමාවන් දැඩි කරන බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව මැයි 16 සිට ජූනි 13 දක්වා සති හතරක් ජනතාව අනවශ්‍ය එක්රැස් කිරීමේ ප්‍රමාණයන් සහ ගෘහස්ථ අමුත්තන් සංඛ්‍යාව පුද්ගලයින් 5කට සිට දෙදෙනෙකු දක්වා අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
නිවසේ සිට වැඩ කිරීම සේවා ස්ථානවල නැවතත් යොදාගත යුතු අතර, අවන්හල් සහ හෝටල් වෙත ගොස් ආහාර ගැනීමට අවකාශය නැති අතර, ඒ වෙනුවට ආහාර රැගෙන යාම සහ බෙදා හැරීමේ විකල්පයන්ට පමණක් අවසර හිමිවෙයි.
ඕනෑම ආකාරයක කොවිඩ්-19 ආසාදිතයන් කාන්දුවීමක් හේතුවෙන් පාලනයකින් තොරව නැවත ආසාදන නැගිටීමක් සිදුවිය හැකි බැවින් මෙම අවදානම් තත්ත්වය පාලනය කිරීම සඳහා තීරණාත්මකව ක්‍රියාත්මක විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
ඒ අනුව ප්‍රජාව ආශ්රිත නව ආසාදිතයන් සංඛ්‍යාව පෙර සතියේ වාර්තා වූ 48 සිට මෙම සතියේ ආසාදිතයන් 71 දක්වා ඉහළ ගොස් ඇති බවත්, ප්‍රජාව තුළ සම්බන්ධ නොවූ ආසාදිතයන් සංඛ්‍යාව පෙර සතියේ ආසාදිතයන් 7ක සිට මෙම සතියේ ආසාදන 15ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව සිංගප්පූරුවේ වසංගතය තුළ ආසාදිතයන් 61,000කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 31ක් වාර්තා වී තිබේ.