සිංගප්පූරු ගුවන්තොටුපළෙහි මගී පර්යන්ත ගොඩනැගිලි පරිශ්රය ආශ්රිතව කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීමත් සමග එය සති දෙකක කාලයක් සඳහා මහජනතාවට වසා දමා තිබේ.
සිංගප්පූරුවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ චැංගි ගුවන්තොටුපල සමූහය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ චැංගි ගුවන්තොටුපලේ පර්යන්ත 1 සහ 3 සහ ජුවල් චැංගි ගුවන්තොටුපළේ සියලුම සේවකයන් කොවිඩ්-19 පරීක්ෂණයන්ට සහභාගී විය යුතු බවයි.
"මෙය ගුවන්තොටුපළ ප්රජාව තුළ ඇති විය හැකි කොවිඩ්-19 ආසාදිතයන් ඉක්මනින් හඳුනා ගැනීම, හුදකලා කිරීම සහ ප්රතිකාර කිරීම සඳහා ගත් පූර්වාරක්ෂක පියවරක්" යනුවෙන් එම ප්රකාශය සඳහන් කරයි.