තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෝගන් පවසන්නේ සංක්‍රමණිකයන් 18,000ක් තුර්කි දේශසීමා හරහා යුරෝපයට ඇතුළු වී ඇති බවත් ඔවුන්ට සංචාරය කිරීමට එරට දොරටු විවර කර ඇති බවත්ය.
ඉදිරි දිනවලදී මෙම සංඛ්‍යාව 25,000 සිට 30,000 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.
සිරියාවේ සිවිල් යුද්ධයෙන් පලා යන පුද්ගලයින්ගේ ප්‍රමාණය සමඟ තවදුරටත් කටයුතු කිරීමට තුර්කියට නොහැකි බව ඔහු පැවසීය.
ග්‍රීසිය පවසන්නේ තුර්කියේ සිට සංක්‍රමණිකයන් දහස් ගණනක් නීති විරෝධී ලෙස ඇතුළුවීම අවහිර කර ඇති බවයි.
ඒ අනුව ජනගඟ විසුරුවා හැරීමට ග්‍රීක බලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර තිබේ.