ඇෆ්ගනිස්ථානයේ වසර 18ක යුද්ධය අවසන් කිරීමට උත්සාහ කළ සාම සාකච්ඡා අවලංගු කිරීමෙන් වැඩිම පාඩුව සිදුවන්නේ ඇමරිකානුවන්ට බව තලේබාන් සංවිධානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ අවසාන මොහොත දක්වා සියල්ල හොඳින් සිදුවූ බවයි.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පසුගිය සෙනසුරාදා රාත්රියේ සිය කැප් ඩේවිඩ් කඳවුරේදී තලේබාන් සංවිධානයේ නියෝජිතයන් සමග පැවැත්වීමට ගිය රහසිගත හමුව අත්හිටුවමීන් ට්විටර් පණිවුඩ කිහිපයක් නිකුත් කර තලේබාන් සංවිධානයට දෝෂාරෝපණ එල්ල කළේය.
මෑතකදී ඇෆ්ගනිස්ථානයේ ස්ථාන කිහිපයකදී එල්ල කෙරුණු ත්රස්ත ප්රහාර මෙන්ම, එම ප්රහාරයකදී එක්සත් ජනපද සොල්දාදුවෙකු ඝාතනය වීමද තලේබාන් සංවිධානය සමග සාකච්ඡා අවසන් වීමට හේතු වූ බව ට්රම්ප් කීවේය.