ශ්‍රී ලංකාවේ කිතුණු දේවස්ථාන සහ තරු හෝටල් ඉලක්ක කරමින් පාස්කු ඉරිදා සිදුවූ ම්ලේච්ඡ මරාගෙන මැරෙන ප්‍රහාර IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ අනුගාමිකයන් සමරා ඇති බව විදෙස් වාර්තා පවසයි.
පුද්ගලයන් 290කට වැඩි පිරිසකට මරු කැඳවමින් සහ තවත් 500කට වැඩි පිරිසක් තුවාල කරමින් සිදුකළ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පසුගියදා නවසීලන්තයේ, ක්‍රිස්ට්චර්ච් හි මුස්ලිම් දේවස්ථානයක සිදුවූ විවෘත වෙඩි තැබීමේ සිද්ධියට කළ පළි ගැනීමක් ලෙසද හඳුන්වා තිබී ඇත.
මෙම ප්‍රහාරවල වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් භාරගෙන නොතිබුණද ජාතික තවුහිද් ජමාත් නම් අන්තවාදී ඉස්ලාම් සංවිධානයක් මෙම ප්‍රහාර පසුපස සිටින බව මේ වනවිට පැවසෙයි.
මේ අතර, ත්‍රස්ත ක්‍රියා නිරීක්ෂණයේ යෙදෙන SITE බුද්ධි කණ්ඩායම පවසා සිටියේ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ අනුගාමිකයන් සහ ඔවුන්ට සහාය දක්වන්නන් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය මහත් ඉහළින් සැමරූ බවයි.