ශ්‍රී ලංකාවේ එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවත් සමග ඇමෙරිකා එක්සත් ජනපදය වෙත මේ අවස්ථාවේ විශ්වාස කළ හැකි හෝ සැලකිය යුතු අවදානමක් නොමැති බව එරට අභ්‍යන්තර ආරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
තරු හෝටල් තුනක් සහ කිතුණු දේවස්ථාන කිහිපයක් ඉලක්ක කරමින් ඊයේ (21දා) ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මෙම අදහස් පළ කරයි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු අභ්‍යන්තර ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ බලන ලේකම් කෙවින් මැක්ඇලීනන් පවසා සිටියේ ඔවුන් මෙම සිදුවීම නිරීක්ෂණය කරමින් සිටින බවත්, රටේ අභ්‍යන්තර ආරක්ෂාව තහවුරු කිරීමට ගතහැකි සෑම පියවරක්ම ගෙන ඇති බවත්ය.
සෑම ආගමකම ආරක්ෂිතව සහ සාමකාමීව තම ආගම ඇදහීමට කටයුතු කරන ජනතාව සමග එක්ව නැගී සිටින බව පවසන එම දෙපාර්තමේන්තුව, බියෙන් හා සැකයෙන් තොරව තම ආගම ඇදහීමට සුදුසු පරිසරයක් තහවුරු කිරීම සඳහා ඔවුන්ගේ කාර්යභාරය තවදුරටත් සිදුකරන බවද අවධාරණය කළේය.