කොවිඩ්-19 වෛරසයේ ඉන්දියානු ප්‍රභේදය පිළිබඳ වැඩෙන කනස්සල්ල මධ්‍යයේ මෑතකදී ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය, පාකිස්තානය හෝ ශ්‍රී ලංකාව යන රටවලට ගිය සංචාරකයින් සඳහා නිරෝධායන කාලය දින 06 සිට දින 10ක් දක්වා දීර්ඝ කරන බව ජපාන රජය ප්‍රකාශ කරයි.
එසේම කසකස්තානය සහ ටියුනීසියාවට ගොස් ඇති සංචාරකයින් සඳහා දින තුනක නිරෝධායන කාල සීමාවක් අලුතින් පැනවීමට රජය කටයුතු කරන අතර අවසන් දිනයේ කොවිඩ්-19 පරීක්ෂණයක් පවත්වනු ඇත.
ඉන්දියාව ඇතුළු, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවලට අදාළ වන දින 10ක නිරෝධායනය සිකුරාදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
ඒ අනුව මෙම ඕනෑම දකුණු ආසියානු ප්‍රදේශයකට ගොස් ඇති සංචාරකයින්ට අනිවාර්ය දින 10 ක් සඳහා නම් කරන ලද ස්ථානයක රැඳී සිටිය යුතු අතර, එම කාලය තුළ ඔවුන් තුන් වරක් කොවිඩ්-19 වෛරසය සඳහා පරීක්ෂා කරන බවද කියයි.