වතිකානුවේ චාරිත්රානුකූල පාස්කු දේව මෙහෙයට ඊයේ (21දා) සහභාගී වූ අති උතුම් පළමු වැනි ෆ්රැන්සිස් පාප් වහන්සේ ශ්රී ලංකාවේ සිදුවූ ම්ලේච්ඡ ප්රහාර මාලාව හෙළා දැක තිබේ.
මෙම ප්රහාරය කෘර ප්රචණ්ඩකාරී ක්රියාවක් ලෙස පෙන්වා දුන් පාප් වහන්සේ, පාස්කු දින ශෝකයටත්, වේදනාවටත් පත් කිතුණු බැතිමතුන් සමීපයේ තමා ඉන්නා බව ශාන්ත පීතර චතුරස්රයට එක්වූ ජනතාව අමතමින් පැවසූහ.
එමෙන්ම, මෙම ප්රහාරයන්ගෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් යාඥා කරන බවද පාප් වහන්සේ පැවසූහ.