නිරිතදිග ප්‍රංශයේ අවුඩේ ප්‍රදේශයට බලපා ඇති හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විදෙස් වාර්තා පවසයි.
පළාත් බලධාරීන් පවසා සිටියේ මාස ගණනක් පුරා ලැබිය යුතු වර්ෂාවක් පැය කිහිපයක් තුළ ලැබීම හේතුවෙන් බොහෝ මංමාවත් මහා ඇළ මාර්ග බවට පත්වූ බවයි.
එමෙන්ම, පිටාර ගැලූ අවුඩේ ගංගාව සමග කන්‍යා සොයුරියක් ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්ව ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
බොහෝ දෙනා තම නිවෙස්වල වහළ මත කොටුවී සිටින බවත්, බෝට්ටුවලින් පවා ඔවුන් බේරාගැනීමට යාම අතිශය අවදානම් සහගත වී ඇති බවත් බලධාරීහු පවසති.
වසර සියයකට පමණ පසුව මෙම අසාමාන්‍ය ගංවතුර තත්ත්වය දැකගත හැකි බවූ බව එරට කාලගුණ අංශ පවසයි.