කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් ලබාගත් පාරිභෝගිකයන් සඳහා පමණක් ඉන්දුනීසියාවේ අගනුවර සිල්ලර වෙළඳ සැල් මේ සතියේ නැවත විවෘත කර තිබේ.
ඉන්දුනීසියාවේ බොහෝ ප්‍රදේශවල තවමත් සීමාවන් ක්‍රියාත්මකව පවතින අතර, ආර්ථිකය පවත්වා ගැනීම සඳහා ජකර්තා හි වෙළඳ සංකීර්ණ 25%ක ධාරිතාවයකින් ක්‍රියාත්මක වීමට අවසර දී ඇතත් පාරිභෝගිකයින් අවම වශයෙන් එක් එන්නතක් හෝ ලබාගත් බව ස්මාට්ෆෝන් යෙදුමකින් ඔප්පු කළ යුතුය.
එමගින් ඔවුන් තෝරාගත් කණ්ඩායමක් බවට පත් වූ අතර, ඉන්දුනීසියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් ජනවාරියේදී ආරම්භ වූ සමූහ ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙතෙක් එන්නත් ලබාගෙන තිබේ.
"මෙය සාප්පු සංකීර්ණය සඳහා වූ සාධනීය පියවරක්. එම නිසා වෙළෙඳ සැල් වෙත ඇතුළු වන සියළුම දෙනා පරීක්ෂා කර ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න යැයි සැලකෙන බවට අමුත්තන්ට සහතික විය හැකියි" උතුරු ජකර්තා හි පොන්ඩොක් ඉන්දියා වෙළඳ සංකීර්ණයේ සාමාන්‍යාධිකාරී ඒක දේවාන්තෝ පැවසීය.
ආසියාවේ මේ වනවිට වසංගතයේ නරකම තත්ත්වයකට පත්ව සිටින ඉන්දුනීසිමාවේ ආසාදන මිලියන 3.8කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 115,000ක් වාර්තා කර තිබේ. ඩෙල්ටා ප්‍රභේදය නිසා වසංගතය පාලනය කිරීම සඳහා එරට බලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරයි.