වසරකට අඩු කාලයකදී පෙර නොවූ විරූ තෙවැනි මහ මැතිවරණයකට මුහුණදෙන ඊශ්රායල වැසියන් ඡන්දය ප්රකාශ කරමින් සිටින අතර, වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය දේශපාලන පැවැත්ම වෙනුවෙන් සටනක මෙවර නිරත වෙයි.
පසුගිය මැතිවරණ දෙකෙන් පසුව බෙන්ජමින් නෙතන්යාහුට හෝ ඔහුගේ ප්රධාන අභියෝගකරු බෙනී ගැන්ට්ස්ට බහුතර සන්ධාන එකතු කිරීමට නොහැකි විය. අවසාන මත විමසුම්වලින් යෝජනා වූයේ නව මහ මැතිවරණයකට යා යුතු බවය.
නෙතන්යාහු දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයට යාමට සති දෙකකට පෙර නැවත මැතිවරණයක් කැඳවීය. ඔහුට එරෙහි චෝදනාව විභාග කිරීම සඳහා මාර්තු 17 වැනි දින ජෙරුසලමේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කර තිබේ.
වෙන වෙනම නඩු තුනක් සම්බන්ධයෙන් අල්ලස්, වංචා සහ විශ්වාසය කඩ කිරීම යන චෝදනා අගමැතිවරයාට නොවැම්බර් මාසයේදී එල්ල විය.
මේ සියලු නඩු විභාගයන් මායාකාරී දේශපාලන දඩයමක් බව පවසමින් ඒ සෑම අවස්ථාවකදීම නෙතන්යාහු විරුද්ධ පක්ෂ වෙත චෝදනා කරන්නට විය. කෙසේ වෙතත් විරුද්ධ පක්ෂ නෙතන්යාහුගෙන් ඉල්ලා සිටින්නේ ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසය.