වසර හතරක් තුළ ස්පාඤ්ඤයේ පැවැත්වෙන තෙවැනි මහ මැතිවරණය ආරම්භ වී තිබේ.
මෙවර මැතිවරණයේ අන්ත දක්ෂිණාංශික වොක්ස් කණ්ඩායම ඉදිරියෙන් පසුවන බව සඳහන් වෙයි.
ඔවුන් බහුසංස්කෘතිකවාදය ප්රතික්ෂේප කරන්නන් වන අතර, කැටලෝනියාවේ ස්වයං පාලනය අහෝසි කරන බවද පවසයි.
කෙසේ වෙතත්, එරට වාමංශික අගමැති පේඩ්රෝ සන්චේස් මෙම බලවේගයට එරෙහිව නැගී සිටින බව විදෙස් වාර්තා පවසයි.
නමුත්, මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බව පූර්ව මැතිවරණ ප්රතිඵල පෙන්වා දෙයි.