දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ බිෂොප්වරයෙකු කන්‍යා සොහොයුරියක 13 වතාවක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබේ.
2014 වසරේ සිට 2016 දක්වා කාලය තුළ මෙම දූෂණය කිරීම් සිදුව ඇති අතර, මේ වනවිට 44 වැනි වියෙහි පසුවන එම කන්‍යා සොහොයුරිය පසුගිය ජූනි මාසයේදී මෙම බිෂොප්වරයාට එරෙහිව පොලීසියේ පැමිණිල්ලක් කර තිබුණේ කතෝලික පල්ලිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා බව බී.බී.සී.ය කියයි.
මේ සමගම ඉන්දියාව පුරා කන්‍යා සොහොයුරියන් මෙම බිෂොප්වරයා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් උද්ඝෝෂණ ව්‍යාපාර අරඹා තිබුණි.
එමෙන්ම, මෙම සිද්ධියෙන් බොහෝ ඉන්දියානු කතෝලිකයන් පුදුමයට පත්ව තිබුණු අතර, එය රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් වූ බවත් බී.බී.සී.ය සඳහන් කරයි.
54 වැනි වියෙහි පසුවන ෆ්රැන්කෝ මුලක්කාල් නමැති මෙම බිෂොප්වරයා ඊයේ (21දා) අත්අඩංගුවට පත්ව තිබුණේ දින තුනක කාලයක් සිදුකළ පොලිස් ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවය.
ඔහු අද අධිකරණය හමුවට ඉදිපත් කිරීමට නියමිත අතර, තමන් කිසිදු වරදක් නොකළ බව බිෂොප්වරයා පවසා තිබේ.
මේ අතර, වතිකානුව විසින් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ සිට මෙම බිෂොප්වරයාව ඔහුගේ රාජකාරීන්වලින් තාවකාලිකව මුදාහැර ඇති බවද බී.බී.සී.ය වැඩිදුරටත් පවසයි.