වසර 25ක කාලය තුළ ජපානය මුහුණදෙන ප්රබලතම සුළි කුණාටුව ජපානය වෙත ඇතුළු වීමත් සමග, මේ වනවිටත් මිලියනයක් පමණ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.
ජෙබී සුළි කුණාටුව ජපානයේ බටහිර දෙසින් ගොඩබිම වෙත කඩා වැදී ඇති අතර, ඇතැම් ගොඩනැගිලිවලටද මේ හේතුවෙන් අලාභානි සිදුව ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, සුළි කුණාටුවෙන් මේ වනවිට සිදුව ඇති ජීවිත හානි හෝ තුවාල වීම් සම්බන්ධයෙන් වාර්තා නොවන අතර, මෙහි ප්රබලත්වය අඩුවෙමින් එය රට හරහා ගමන් කරනු ඇති බව කාලගුණ අංශ පුරෝකථනය කරයි.
ෂිකෝකු දූපතෙන් ගොඩබිමට ඇතුළු වූ ජෙබී සුළි කුණාටුව පසුව ජපානයේ විශාලතම දූපත ලෙස සැලකෙන හොන්ෂු දූපත හරහා ගමන් කරනු ඇති බවද එම කාලගුණ නිවේදනයන්හි දැක්වෙයි.
විශාල මුහුදු රළ නැගීම්, ගංවතුර හා නායයෑම් තත්ත්වයන් පිළිබඳ අනතුරු ඇඟවීම් සිදුකර ඇති අතර, මේ වනවිටත් දස දහස් ගණනක පිරිසට විදුලිබලය ඇණහිට ඇති බවද ජපාන බලධාරීහු පවසති.