වර්ජින් ගැලැක්ටික් අභ්‍යවකාශ තරණයට සූදානම් සංචාරකයන් සඳහා ඇ.ඩො.450,000ක සිට අභ්‍යවකාශයේ අත්දැකීම විඳ ගැනීමේ ආසනයක් වෙන්කරවා ගැනීමට දැන් අවස්ථාව පවතින බව එම සමාගම නිවේදනය කරයි.
වර්ජින් ගැලැක්ටික් නිර්මාතෘ රිචඩ් බ්‍රැන්සන් දශකයකටත් වැඩි කාලයක් පුරා තාක්ෂණික අත්හදා බැලීම්වලින් පසුව පසුගියදා අභ්‍යවකාශය වෙත තමා ඇතුළු කණ්ඩායමක සුපර්සොනික් ප්‍රීතිමත් ගමනක් අත්වින්ඳේය. ඒ අනුව සමාගම දැන් සිය වාණිජ මෙහෙයුම් එලැඹෙන 2022 සිට අරඹන බව කියයි.
වර්ජින් ගැලැක්ටික් පවසන්නේ එහි ටිකට්පත් ක්‍රමවේද කිහිපයක් පවතින බවයි. ඒ අනුව තනි ආසනයක් වෙන්කරවා ගැනීම ඩොලර් 450,000කින් ආරම්භ වෙයි. පවුල් සහ මිතුරන් සඳහා බහු ආසන වෙන් කිරීම් සහ ලබාදී ඇති ගුවන් යානයක සියලුම ආසන වෙන්කවරා ගැනීමටද අවස්ථාව පවතී.