නයිජීරියාවේ වයඹදිග කෙබ්බි ප්‍රදේශයේදී කොල්ලකරුවන් විසින් එල්ල කරනලද ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 88 දෙනෙකු මියගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය පොලිසිය තහවුරු කරයි.
කොල්ලකරුවන් බ්‍රහස්පතින්දා ප්‍රාන්තයේ ඩැන්කෝ-වසගු පළාත් පාලන ප්‍රදේශයේ විවිධ ප්‍රජාවන් අටකට මෙම ම්ලේච්ඡත්වය මුදා හැර ඇති බව ප්‍රාන්ත පොලිස් ප්‍රකාශක නෆියූ අබුබකර් රාජ්‍ය අගනුවර බර්නින් කෙබ්බි හි වාර්තාකරුවන්ට පැවසීය.
"මුලදී මළ සිරුරු 66ක් හමුවුණා. නමුත් මම දැන් ඔබ සමග කතා කරමින් සිටින විට මළ සිරුරු 88ක් පමණ සොයාගෙන තිබෙනවා" යැයි අබුබකර් පැවසීය.
තවදුරටත් ප්‍රහාර වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ ප්‍රජාවන් වෙත යොදවා ඇති බවද ඔහු පැවසීය.
අපේ‍්‍රල් අගදී, කෙබීහි පොලිස් භටයන් 9 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු තුවක්කුකරුවන්ගේ ප්‍රහාරයක් මැඬපැවැත්වීමේදී මරා දමා තිබුණි.