වියට්නාමයේ හැනෝයි නුවර යනු යතුරුපැදිය හා ඒ හා බැඳුණු ව්‍යාපාරවල යෙදෙන සුවිශාල ජනතාවක් ජීවත් වන නගරයකි.
බ්‍රිතාන්‍ය ජාතික ඡායාරූප ශිල්පී ජොන් එනොක් විසින් වියට්නාමයේ සිදුකළ සංචාරයකදී මෙම යතුරුපැදිය මූලික කරගෙන සිදුකරන ව්‍යාපාරවල අපූරු ඡායාරූප පෙළක් සිය කැමරාවට නඟා තිබුණි.
සාමන්‍යයෙන් යතුරුපැදියක නොව ලොරියකවත් පටවාගෙන යෑමට නොහැකි තරම් බඩු තොගයක් තම කුඩා යතුරුපැදියේ පටවාගෙන යෑමට ඔවුන් දක්ෂය.
එමෙන්ම, ඇතැම් අවස්ථාවල බිත්තර තොග වශයෙන් මේ කුඩා යතුරුපැදිවල සීරුමාරුවට රැගෙන යන ඔවුන්, විසිතුරු මත්ස්‍ය කඩයක් සිය යතුරුපැදිය කරගෙන සිටින්නේ මෙවැනි දේ නුහුරු විදේශිකයන් පුදුම කරමිනි.
කෙසේ වෙතත්, වියටිනාමයේ යතුරුපැදි ධාවනයේදී මේ ආකාරයෙන් විශාල වශයෙන් භාණ්ඩ ප්‍රවාහනයක් සිදුකළා යැයි පොලිස් අත්අඩංගුවට පත්වීම් හෝ දඩ මුදල්වලට යටත්වීම් නොමැති වීමද මෙවැනි ව්‍යාපාර වර්ධනය වීමට හේතුවක් විය හැකිය.
අවසානයේදී ඔවුන්ගේ යතුරුපැදි ව්‍යාපාරය ඔවුන්ගේ එදිනෙදා ජීවිතය සරිකර ගැනීමට ඔවුන්ට සහාය වන බව පමණක් හැනෝයි යතුරුපැදි මත නැගුණු ව්‍යාපාරිකයෝ විශ්වාස කරති.