වියට්නාමයේ ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන හෝ චි මිං නුවර කොවිඩ්-19 වසංගතය මැඬපැවැත්වීම සඳහා සමාජ දුරස්ථ පියවරයන් සති දෙකක කාලයක් සඳහා හඳුන්වා දී තිබේ.
බ්‍රිතාන්‍ය සහ ඉන්දියානු වෛරස ප්රභේදයන් මුසුවූ වේගවත් සහ වාතය හරහා ව්‍යාප්ත වන හයිබ්‍රිඩ් ප්‍රභේදයක් රට තුළ ඉස්මතු වීම හේතුවෙන් මෙම පියවර හඳුන්වාදී ඇත.
ඒ අනුව හෝ චි මිං නගරය මැයි 31 සිට දින 15 ක් දක්වා නගරයේ සමාජ දුරස්ථ පියවර ආරම්භ කරන බව එරට රජයේ මාධ්‍ය වාර්තා කරයි.
මෙම නවතම සීමාවන් යටතේ ප්‍රසිද්ධියේ පුද්ගලයින් 10කට වඩා රැස්වන සියලුම අවස්ථා නගරය පුරා තහනම් කර ඇත. එසේ වුවද නගරය සලකා බලන්නේ පුද්ගලයින් පිරිසකගේ හමුවීම 5ක් දක්වා අඩු කිරීමටය.