ව්‍යාජ සහතියක් ඉදිරිපත් කර තිබූ බවට චෝදනා එල්ල වූ නයිජීරියානු මුදල් අමාත්‍ය කෙමී ඇඩිඕසන් තමාට එල්ල වන චෝදනා හමුවේ ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
නයිජීරියානු තරුණ තරුණියන් තම උපාධිය ලබාගැනීමට පෙර අනිවාර්යයෙන් සිදුකළ යුතු වසරක තරුණ සේවා වැඩසටහන අවසන් කළ බවට ඇය මෙම ව්‍යාජ ලේඛනය ඉදිරිපත් කර තිබුණි.
වයස අවුරුදු 34ක් යනතුරු බ්‍රිතාන්‍යයේ ජීවත් වී ඇති ඇය හිටපු ආයෝජන බැංකුකාරියකද වෙයි. එහිදී, තමන් ඉදිරිපත් කළ සහතිකය සැබෑ සහතිකයක් බව තමා විශ්වාස කළ බවද ඇය පසුව පවසා තිබුණි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකදී මෙම ලේඛනය ව්‍යාජ ලේඛනයක් බවට තහවුරු කරගැනීමට නයිජීරියා බලධාරීන්ට හැකිව තිබේ.
ඒ අනුව, මාස කිහිපයක සිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට මාධ්‍ය එල්ල කරන චෝදනා හමුවේ අවසානයේ ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
නයිජීරියානු සහ බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසිභාවයක් හිමි ඇය මේ සම්බන්ධයෙන් මුලින් අදහස් දැක්වීමක් කර නොතිබුණද, නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ මේ සම්බන්ධ පරීක්ෂණ ප්‍රතිඵල පැමිණීමත් සමග තමන්ට ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවන බවයි.