වෙනිසියුලාවේ විරුද්ධ පක්ෂ නායක ජුආන් ගුආයිදෝ විසින් මෙහෙයවූ හමුදා කුමන්ත්රණය සම්පූර්ණයෙන්ම පරාජයට පත්කළ බව ජනපති නිකොලාස් මදුරෝ පවසයි.
එරට ජාතික ආරක්ෂක බලකායේ පිරිසක් විරුද්ධ පක්ෂ සමග එක්ව රජයේ හමුදා සමග ඇතිකර ගෙන තිබූ ගැටුම්වලින් පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් රූපවාහිනියෙන් ජනතාව ඇමතූ ජනපතිවරයා කියා සිටියේ රටේ හමුදාව තමාට එරෙහිව උසිගැන්වීමට ගුඅයිදෝට හැකියාවක් නොලැබුණු බවයි.
මේ අතර, ගුආයිදෝ පවසා තිබුණේ රජයේ හමුදා තවදුරටත් වත්මන් ජනපතිවරයාට සහාය නොදක්වන බැවින් සාමකාමීව බලය හුවමාරු කිරීමට කටයුතු කරන ලෙසයි.
එමෙන්ම, රටේ ජනතාවට නැවතත් වීදි බසින ලෙසද ගුආයිදෝ සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබුණි.