විධායක වැටුප් වංචාවක් සම්බන්ධයෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටින නිසාන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හිරෝටෝ සයිකාවා ලබන සතියේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බව කියයි.
නිසාන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීමෙන් පසුව ඊයේ (09දා) මෙම තීරණය ප්‍රකාශයට පත්වී ඇත.
තමා ඉල්ලා අස්වීමට සූදානම් දැයි මීට පෙර සයිකාවාගෙන් ජපාන මාධ්‍ය විමසා සිටි විට ඔහු කීවේ, “පන්දම හුවමාරු කිරීමට තමන් කැමැත්තෙන් සිටින” බවය.
ප්‍රසාද දීමනාවක් යටතේ තමන් වෙත වැඩිපුර මුදලක් ලබාගෙන ඇති බවට නිසාන් ප්‍රධානියාට චෝදනා එල්ල වූ අතර, ඔහු දිගින් දිගටම මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
සමාගම් අධ්යක්ෂ මණ්ඩලයේ සභාපති යසුෂි කිමුරා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ සැප්තැම්බර් 16 වැනි දින සයිකාවා ඉවත්ව යන බවයි.
"අධ්යක්ෂ මණ්ඩල සාකච්ඡාවෙන් පසු, ප්‍රධාන විධායක තනතුරෙන් ඉවත් වන ලෙස මණ්ඩලය සයිකාවා මහතාගෙන් ඉල්ලා සිටියා. ඔහු එය පිළිගත්තා." කිමුරා සඳහන් කළේය.
ඒ අනුව, ලබන මස අග භාගය වනවිට හිස්වන ධුරය සඳහා නිලධාරියෙකු සොයාගැනීමට හැකිවනු ඇති බව නිසාන් සමාගම විශ්වාස කරන අතර, ප්‍රධාන මෙහෙයුම් නිධාරි යසුහිරෝ යමූචි තාවකාලිකව එම ධුරයේ කටයුතු කරනු ඇති බවද කියයි.