කොවිඩ්-19 රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය ඔක්සිජන් ඉල්ලුම වැඩිවීම මධ්‍යයේ වෛද්‍ය අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ඉන්දුනීසියාව ඔක්සිජන් නිෂ්පාදකයන්ට නියෝග කර ඇති බව රජය පවසයි.
ලෝකයේ සිව්වැනි වැඩිම ජනගහනය සහිත රට ආසියාවේ දරුණුතම කොවිඩ් වෛරස රැල්ල සමග පොරබදමින් සිටින අතර, සෙනසුරාදා ආසාදිතයන් 27,913ක් හඳුනා ගැනුණේ පසුගිය සති දෙක තුළ බොහෝ ඉහළ දෛනික ආසාදන අතර ඉහළම අගයට පත්වෙමිනි.
නිවේදනයක් නිකුත් කරමින් ජාවා දූපතේ සර්ඩ්ජිටෝ රෝහල පැවසුවේ සෙනසුරාදා සිට ඉරිදා අලුයම දක්වා කාලය තුළ ඔක්සිජන් නොමැති වීමෙන් රෝගීන් 63 දෙනෙකු මිය ගිය බවය. මේ තත්ත්වය තුළ එරට ඔක්සිජන් නිෂ්පාදනය වැඩි කිරීමට බලධාරීන් අවධාරණය කර තිබේ.