විකිලීක්ස් නිර්මාතෘ ජූලියාන් අසාන්ජ් ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේදී අත්අඩංගුවට පත්වූ බව විදෙස් වාර්තා පවසයි.
වසර 7ක කාලයක් තානාපති කාර්යාලය තුළ සරණාගතයෙකු ලෙස ඔහු රැඳී සිටියේ ලිංගික අපචාර චෝදනාවක් හේතුවෙන් යළි ස්වීඩනයට පිටුවහල් කිරීම වළක්වා ගැනීම සඳහාය.
අධිකරණයට ඉදිරිපත් නොවීම සහ ඇමෙරිකාව විසින් ඔහු පිටුවහල් කරන ලෙස කළ ඉල්ලීම සලකා බලමින් අසන්ජ් අත්අඩංගුවට ගත් බව බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලීසිය පවසයි.
ජාත්‍යන්තර නීති අවස්ථා කිහිපයකදීම උල්ලංඝනය කිරීම නිසා ඔහු විසින් ඉල්ලා සිටි සරණාගත ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ඉක්වදෝරය කියා තිබුණි.
නමුත්, විකිලීක්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ, අසාන්ජ් විසින් ඉල්ලා තිබූ දේශපාලන රැකවරණය ලබානොදී ඔහුගේ සරණාගතභාවය ප්‍රතික්ෂේප කිරීමට ඉක්වදෝරය කටයුතු කිරීම සැබෑ ලෙසම ඔවුන් විසින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි.