ගෝල්ඩන් ග්ලෝබ් ලෝක සාගර තරණයේ නියුතුව සිටියදී ඉතා දරුණු අනතුරකට මුහුණ දී සිටින ඉන්දියානු ජාතික නාවුකයා බේරාගැනීම සඳහා ජාත්‍යන්තර මුදාගැනීමේ කණ්ඩායමක් උත්සාහ කරමින් සිටියි.
හුදෙකලා යාත්‍රාවක ලෝකය වටා ගමන් කිරීම ආරම්භ කළ අභිලාෂ් ටෝමි, බටහිර ඔස්ට්‍රේලියානු වෙරළේ සිට කිලෝමීටර් 3,200ක් දුර ගැඹුරු මුහුදේ අනතුරට ලක්ව සිටින බව සඳහන් වෙයි.
ඉන්දියානු සාගරය හරහා ගමන් කිරීමේදී ඔහුගේ යාත්‍රාව ප්‍රබල සුළි කුණාටුවකට හසුව කැඩී ඇති බවත්, මෙම අනතුරේදී ඔහු දරුණු ලෙස තුවාල ලබා ඇති බවත් වාර්තා වෙයි.
ඒ අනුව, තමාගේ කොන්ද ආශ්‍රිතව බිඳීමක් ඇති බව පවසමින් සංවිධායකයන් වෙත පණිවුඩයක් එවීමට ඔහු සමත්ව ඇති අතර, තමන්ට කිසිදු ආහාරයක් හෝ දියරමය පානයක් ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවද එහි සඳහන් කර තිබී ඇති බව කියැවෙයි.
මෙම දරුණු සුළි කුණාටුවේදී ගෝල්ඩන් ග්ලෝබ් ලෝක සවාරියේ නියුතු නෙදර්ලන්ත ජාතික නාවුකයා වන මාර්ක් ස්ලැට්ස්ගේ යාත්‍රාවද නාවුක සැතපුම් 70 ඉක්මවූ සුළං සහ අඩි 45ක් උස දිය රළවලට හසුවී ඇති අතර, ඔහුගේ යාත්‍රාව දෙවරක් උඩි යටිකුරුව පෙරළී ඇති බවද සඳහන් වෙයි.
මෙම ලෝක සවාරියට සම්බන්ධව සිටින තරගකරුවන් 11 දෙනාගෙන් බොහෝ පිරිසක් තවමත් උතුරට වන්නට ගමන් කරමින් සිට ඇති බැවින් ඔවුන්ට මෙම සුළි කුණාටුවෙන් අනතුරක් සිදුව නොමැති බව සංවිධායකයෝ පවසති.
ඔස්ට්‍රේලියානු ගුවන් හමුදා යානයක් මේ යාත්‍රාව සොයා මෙහෙයුම් අරඹා ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරීහු පවසති.