ගතවූ පැය 24 තුළ ලොව පුරා රාජ්‍යයන් කිහිපයක නව කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අතර, ඉක්වදෝරය, ලක්සැම්බර්ග්, අයර්ලන්තය හා කටාර් රාජ්‍යය තුළ මේ ආකාරයෙන් නව කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබේ.
ඉක්වදෝරයේ වයස අවුරුදු 70ක පමණ කාන්තාවක් කෝරෝනා රෝගයට ගොදුරුව ඇති අතර, ඇය ස්පාඤ්ඤයේ සංචාරය කර පැමිණි අයෙකි. ඇය මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
ලක්සැම්බර්ග් හි වයස අවුරුදු 40ක පමණ පුද්ගලයෙකු වෛරසයට ගොදුරුව ඇති අතර, ඔහු මෑතකදී ඉතාලියේ සංචාරය කර පැමිණි අයෙකි. ඔහු එරට රෝහලක හුදකලා කර ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර, ඔහුගේ පවුලේ සාමාජිකයන්ද නිරෝධායනයට යොමුකර තිබේ.
එමෙන්ම උතුරුදිග ඉතාලියේ සංචාරය කර පැමිණි අයර්ලන්ත ජාතිකයෙකු මෙසේ එරටදී රෝගයට ගොදුරුව ඇත.
කටාර් රාජ්‍යයේ වයස අවුරුදු 36ක පුද්ගලයෙකුද මෙසේ නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති අතර, ඔහු ඉරානයේ සංචාරය කළ පැමිණි අයෙකි. කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය මේ වනවිට යහපත් මට්ටමක පවතින බව කටාර් සෞඛ්‍ය බලධාරීහු පවසති.