ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයට ගොදුරුවූවන් ප්‍රමාණය 100,000 ඉක්මවා ගොස් ඇති බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.
ඒ අනුව මේ වනවිට චීනයෙන් ආසාදිතයන් 80,813ක් වාර්තා වන අතර, විදෙස් රාජ්‍යයන්ගෙන් ආසාදිතයන් 19,700ක් වාර්තා වෙයි.
එමෙන්ම මරණ සංඛ්‍යාවද 3,433ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, චීනයෙන් මරණ 3,070ක් සහ විදෙස් රාජ්‍යයන්ගෙන් මරණ 363ක් ලෙස චීන සෞඛ්‍ය කොමිසම එම දත්ත වාර්තා කරයි.
කෙසේ වෙතත් මේ වනවිට වෛරසය ආසාදනය වූවන්ගෙන් චීනයෙන් පමණක් පුද්ගලයන් 55,404 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇත.