කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව 118,000 ඉක්මවා යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඒ අනුව මෙම වෛරසය හේතුවෙත් ලොව පුරා ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 4,303ක් ලෙස තහවුරු වනවිට, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 118,351ක් ලෙස වාර්තා වෙයි.
මෙහිදී චීනයෙන් මරණ 3,170ක් වාර්තා වන අතර, සෙසු රටවලින් මරණ 1,133ක් වාර්තා වෙයි. එමෙන්ම චීනයෙන් පමණක් මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් පසු සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති පිරිස 62,887කි.
ඉරානයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 9,000 ඉක්මවා ඇති අතර, මරණ 354ක් වාර්තා වෙයි. එමෙන්ම 2,959ක් සුවය ලබා ඇත.
ඉතාලියේ ආසාදිතයන් සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇති අතර, මරණ 631ක් වාර්තා වෙයි. එක්සත් ජනපදයේ ආසාදිතයන් 1,000 ඉක්මවා මරණ 31ක් වර්තා වෙයි.