ලන්ඩනයේ මුස්ලිම් පල්ලියක් වෙත ඊයේ (09දා) වෙඩි ප්රහාරයක් එල්ල වී ඇති බවත්, මෙම ප්රහාරයෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවත් විදෙස් වාර්තා පවසයි.
රාමලාන් උපවාස මාසය ඇරඹීමෙන් අනතුරුව ඊයේ රාත්රී එම ආගමික වතාවත්වල නිරතවෙමින් සිටින අතරතුර එම ප්රහාරය එල්ල වී තිබේ.
කෙසේ වෙතත්, ප්රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර, මෙය ත්රස්ත ක්රියාවක් ලෙස සලකා ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ.
පල්ලියට ඇතුළු වූ මෙම පුද්ගලයා සම්පූර්ණයෙන්ම මුහුණ වසාගෙන සිටි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
ඔහු ප්රහාර කිහිපයක් එල්ල කළත් කිසිවෙකුටත් තුවාලයක් හෝ සිදු නොවූ බව සඳහන් කරන එම පිරිස්, පසුව වෙඩි තැබූ පුද්ගලයා පළාගිය බවද සඳහන් කර ඇත.