පළමු වැනි ලෝක යුද්ධයේ නිමාව සනිටුහන් කරමින්, ලෝක යුද්ධයේ සියවස් සැමරුම අදට (11දා) යෙදී තිබේ.
මේ වෙනුවෙන්, ප්රංශයේදී සුවිශේෂී යුද්ධයේ නිමාව සනිටුහන් කළ සැමරුම් උත්සවයක් සංවිධානය කෙරුණේ ලෝක නායකයන් 70කගේ පමණ සහභාගීත්වයෙනි.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් මෙන්ම, රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් රැඳුනු වේදිකාවේදී ප්රංශ ජනපති එමානුවෙල් මැක්රෝන් විසින් සාමය වෙනුවෙන් සටන් කරන ලෙස ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.
"අන් අයට එරෙහිව අපේ බියමුසු හැඟීම සමග සෙල්ලම් කිරීම වෙනුවට අපි සියල්ලන්ම එකතුව අපේ බලාපොරොත්තු ගොඩනගමු" යැයි ඔහු පවසා සිටියේය.
1914 සිට 1918 තෙක් ඇදී ගිය පළමු වැනි ලෝක යුද්ධය හේතුවෙන් මිලියන 9.7ක් සොල්දාදුවන් සහ මිලියන 10කට වැඩි සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්වූහ.
මෙම සැමරුම වෙනුවෙන් ලොව පුරා තවත් සැමරුම් සතර දිගින් පැවැත්වුණි.