ඉන්දීය මහ මැතිවරණය වඩාත් උද්වේගකර අවස්ථාවක් වෙත ළංවෙමින් රාහුල් ගාන්ධිගේ විදේශ පුරවැසිභාවයක් සම්බන්ධ ගැටලුවක් පෙරට පැමිණ තිබේ.
භාරතීය ජනතා පක්ෂයේ සුබ්‍රමනියම් ස්වාමි විසින් මෙය කරළියට ගෙන ඇති අතර, ඔහු ප්‍රශ්න කරන්නේ කොංග්‍රසයේ අගමැති අපේක්ෂක රාහුල් ගාන්ධිට බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් පැවති බවටය.
කෙසේ වෙතත්, මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කිරීමට කොංග්‍රසය කටයුතු කර ඇති අතර, ඔහුගේ සහෝදරිය වන ප්‍රියාංකා පවසා තිබුණේ රාහුල් ඉන්දියානුවෙන් යන්න සමස්ත ඉන්දියාව දන්නා බවයි.
මේ අතර, මැතිවරණය මධ්‍යයේ දැකිය හැකි පූර්ව මැතිවරණ ප්‍රතිඵල පුරොකථනයන් සමග භාරතීය ජනතා පක්ෂය යම් කලබලයකට පත්ව ඇති බව කොංග්රස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක රාජ්දීප් සුර්ජේවාලා පවසයි.
2005-2006 වසරේදී බ්‍රිතාන්‍ය තුළ සමාගමක් ලියාපදිංචි කිරීමේදී රාහුල් තමා බ්‍රිතාන්‍ය පුරවැසියෙකු ලෙස අදාළ සමාගම් ලිපිලේඛනවල දක්වා ඇති බව භාරතීය ජනතා පක්ෂය නගන චෝදනාවයි.