නව කොරෝනා වෛරසය (කොවිඩ්-19) බහුලව පැතිරුණු රාජ්‍යයන්ගෙන් පැමිණෙන රුසියානුවන් ස්වයං හුදකලාවකට යොමු නොවුණහොත් ඔවුන්ට සිරගත වීමට සිදුවන බව මොස්කව් බලධාරීන් පවසයි.
බලධාරීන් දැඩිව අවධාරණය කරන්නේ කොරෝනා ආපසු පැමිණ ස්වයං හුදෙකලා වීමට අපොහොසත් වන ඕනෑම අයෙකු මෙම දඬුවමට යටත්විය හැකි බවයි.
විශේෂයෙන් චීනය, දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය සහ වෛරස් ආසාදිතයන් සිටින වෙනත් රටවලින් ආපසු පැමිණෙන අය දින 14ක් තම නිවෙස්වලම රැඳී සිටිය යුතු බවම මෙම දැඩි අනතුරු ඇඟවීම සිදුකර තිබේ.
ඒ අනුව නීතිය නොසලකා හරින ඕනෑම කෙනෙකුට වසර පහක සිර දඬුවමක් නියම විය හැකි අතර, ස්වයං හුදකලාවේ සිටින අය සීසීටීවී භාවිතයෙන් පරීක්ෂා කරන බවද කියයි.
රුසියාවේ මේ වන විට අවම වශයෙන් තහවුරු කරන ලද කොරෝනා වයිරස් ආසාදන 15ක් වාර්තා වී තිබේ.